මාවනැල්ල නගරයේ රන් භාණ්ඩ අලෙවිසලකට ගොස් රන් භාණ්ඩ මිල දී ගැනීමේ මුවාවෙන් රුපියල් තුන්ලක්ෂ විසිපන්දහසක් (3,25,000) වටිනා රන් මුදු 7ක් සොරකම් කරන ලද මව හා දියණිය පෙරේදා (08) අත්අඩංගුවට ගත් බව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හුණුපිටියේ පදිංචිව සිටින 49 හැවිරිදි කාන්තාවක් හා 19 හැවිරිදි තරුණියක් බවත් පොලීසිය පැවැසීය.
අත්අඩංගුවට ගෙන ඇති මව හා දියණිය ඉකුත් අගෝස්තු 26 වැනිදා මාවනැල්ල නගරයේ රන් භාණ්ඩ අලෙවිසලකට රන් භාණ්ඩ මිල දී ගැනීමේ මුවාවෙන් පැමිණ රන් භාණ්ඩ පරීක්ෂා කර ඇති බවත් රන් භාණ්ඩ පරීක්ෂා කරන අතරතුර වෙළෙඳසල් හිමියා ඇතුළත තිබුණු රන් භාණ්ඩ තොගයක් රැගෙන ඒමට ගිය අවස්ථාවේ දී කාන්තාව රන් මුදු 7ක් සොරකම් කරගෙන දියණිය සමඟ පිටව ගොස් ඇති බවත් පොලීසිය පැවැසීය. පසුව වෙළෙඳසල් හිමියා මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කරන ලද කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන සැකකාර මව හා දියණිය පාතාල හිටපු නායකයෙකු වන මාකඳුරේ මදූෂ්ගේ ඥාති නිෙවසක මාතර මාකධුරේ රැඳී සිටිය දී පෙරේදා (08) අත්අඩංගුවට ගෙන ඇත. සොරකම් කරන ලද මුදු 7 කොළඹ කොටුව ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට අලෙවි කර තිබියදී සොයා ගත් බවත් පොලීසිය පැවැසීය.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්
බුලත්කොහුපිටිය සමූහ ඩබ්ලිව්. රෝහණ