Monday, April 21, 2025
Home » පොඩි ලැසීගේ ජංගම දුරකතනයක් බූස්සෙන් අත්අඩංගුවට

පොඩි ලැසීගේ ජංගම දුරකතනයක් බූස්සෙන් අත්අඩංගුවට

by sachintha
December 10, 2024 1:29 am 0 comment

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ‘පොඩි ලැසි’ යන රැඳවූවා නාන ස්ථානයේ හා සිර මැදිරිය පිටුපස තිබී ජංගම දුරකතනයක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගත් බව එම විශේෂ කාර්ය බළකාය පවසයි. විශේෂ කාර්ය බළකාය බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට පොලිස් විශේෂ කාර්යාංශයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා බූස්ස කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එල්.සී. උභයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (08) බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සෝදිසි කිරීමක් සිදුකර ඇත. එහි දී පොඩි ලැසී යන රැඳවූවා රඳවා සිටින සිර මැදිරිය පිටුපස Samsung වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් හෑන්ෆ්‍රී එකක් සමඟ තළා හානිකර විසිකර තිබියදී හා රැඳවියා විසින් නාන ස්ථානයේ කොන්ක්‍රීට් කොටස යට සූක්ෂ්ම ලෙස සඟවා තිබිය දී ජංගම දුරකතන උපාංග අත්අඩංගුවට ගෙන ඇත.

කරන්දෙණිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT