31
ඉන්දියාවේ සිට මුහුදු මඟින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩී කොළ තොගයක්, ගෝවා කොළ සමඟ සූක්ෂ්ම ලෙස අසුරා, ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දී නොරොච්චෝල පොලීසිය විසින් කජුවත්ත, නිර්මලපුර ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙකු ද සමඟින්, පෙරේදා (08) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බීඩී කොළ එරඹුකුඩැල්ල මුහුදු තීරයෙන් ගොඩ බිමට රැගෙන විත් එතැන් පටන් ලොරි රථයෙන් ආරච්චිකට්ටුව දක්වා ප්‍රවාහනය කිරීමටත් එහි දී වෙනත් පුද්ගලයින් පිරිසක් ලොරි රථය භාර ගැනීමටත් නියමිතව තිබී ඇත. අත්අඩංගුවට පත් බීඩී කොළ ඇසුරුම් 21කක අසුරා තිබී ඇත. එහි බර කිලෝග්‍රෑම් 665කට ආසන්න වන අතර වටිනාකම ලක්ෂ හතළිහක් පමණ වේ.
කල්පිටිය සමූහ කුමාරී පද්මලතා