Home » මීදුමින් පුත්තලමේ ප්‍රදේශ රැසක් වැසී යයි

මීදුමින් පුත්තලමේ ප්‍රදේශ රැසක් වැසී යයි

by sachintha
December 10, 2024 1:20 am 0 comment

අධික මීදුම හේතුවෙන් පුත්තලමේ ප්‍රදේශ රැසක් ඊයේ (09) සම්පූර්ණයෙන් වැසී ගිය බව ජනතාව පවසයි.

මෙම මීදුම් තත්ත්වය පුත්තලම, ආණමඩුව, පල්ලම, මහකුඹුක්ඩවල, නවගත්තේගම කරුවලගස්වැව, ඇතුළු ප්‍රදේශ රැසක් වැසී යන ආකාරයට තිබූ බව ජනතාව පවසයි.

පෙරේදා (08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ මෙම මීදුම් තත්ත්වය ඊයේ (09) උදෑසන 8.00ට වන තුරුත් පැවති ආකාරය දැක ගත හැකි වූ අතර හිරු එළිය පවා සාමාන්‍ය ලෙස දිස්ව තිබුණේ උදෑසන 8.00ට පසු වූ පසුව බවද ජනතාව පවසයි.

මීදුම හේතුවනේ ප්‍රධාන මාර්ග හා ග්‍රාමිය මාර්ගවල ගමන් කළ වාහන හිමිකරුවන් විදුලි පහන් දල්වා ධාවනය කිරීම දැක ගත හැකි විණි. මෙම දැඩි මීදුම් තත්ත්වය හමුවේ තමන් සිටින ස්ථානයේ සිට මීටර් 50කට අඩු දුරකින් සිටි අයකු හෝ වාහනයක් පවා දැක ගත නොහැකි ලෙස වැසී ගිය බව ජනතාව පවසයි.

කෙසේ නමුත් වාහන ධාවනයේදි රියැදුරුන් දැඩි ආරක්ෂාකාරි ලෙස රිය ධාවනය කරන අයුරු දැක ගත හැකි විණි.

ඒ සමඟම කොට්ටුකච්චිය ඇතුළු ජලාශවල මසුන් මැරීම සඳහා ගිය ධීවරයින් පවසා සිටියේ තමන් දමා තිබූ දැල් ආසන්නයෙන් ගමන් කළ ඔරු හා පාරු පවා දැක ගැනීමට නොහැකි ලෙසින් මීදුම පැවති බවයි.

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT