Home » ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ඇප ලැබෙයි

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ඇප ලැබෙයි

by chanaka
December 10, 2024 3:24 pm 0 comment

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් අට දෙනෙකු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ ශරීර ඇප සහ දැඩි කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මාහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) නියෝග කළේය.

මෙම සැකකරුවන් අට දෙනාගේ විදේශ ගමන් තහනම් කරමින් එම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් සෑම ඉරු දිනකම අතුරුගිරිය පොලිසියේ පෙනී සිට අත්සන් කල යුතු බවටද දැඩි ඇප කොන්දේසි පැනවීමට මහාධිකරණ විනිසුරු නියෝග කළේය.

පසුගිය ජූලි මස 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක සිදු කළ වෙඩි තැබීමක දී මියගිය විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේරත්න සහ රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂණ භාරයට පත්කර තිබුණි.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම ඇතැම් සැකකරුවන් මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කිරීමට ද අපේක්ෂා කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT