Home » සිරියාව අත්කරගත් කැරැලිකාර කණ්ඩායමේ නායකයා ජාතිය අමතයි

සිරියාව අත්කරගත් කැරැලිකාර කණ්ඩායමේ නායකයා ජාතිය අමතයි

-ඉරානයට, අමෙරිකාවට සහ ඊශ්‍රායලයටත් අනතුරු අඟවයි

by sachintha
December 10, 2024 1:30 am 0 comment

සිරියාවේ බලය අත්පත් කර ගැනීමෙන් මොහොතකට දමස්කස් අගනුවර පිහිටි ලොව පැරැණිතම ඉස්ලාම් දේවස්ථානයක් වන උමෙයිඩ් දේවස්ථානය ඉදිරිපිට සිට ජයග්‍රාහී දේශනය සිදුකර ඇති පසු ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ නායක 42 හැවිරිදි අබු මොහොමඩ් අල් ජොලානි ඉරානයට මින් ඉදිරියට අන්තවාදය ව්‍යාප්ත කිරීමට සිරියාව භාවිත කිරීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බෂාර් අල් අසාඩ් ඉරානය සහ හෙස්බුල්ලා සංවිධානය සමඟ සමීපව කටයුතු කළ අතර, ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට ද පත්ව සිටි බව වාර්තා වේ.

ඉරානයට පමණක් නොව ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයට ද ඉදිරියේදී සිරියාව භාවිත කිරීමට ඉඩ නොතබන බව ඔහු සඳහන් කර ඇති අතර, එම පණිවිඩය ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම ත්‍රස්ත සංවිධානයක් බවට ලේබල්ගත කර අල් ජොලානිගේ හිසට අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනමන බවට නිවේදනය කර ඇති ඊශ්‍රායලයට සහ අමෙරිකාවට නිකුත් කළ අනතුරු ඇඟවීමක් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඔහුගේ නායකත්වයෙන් මෙහෙයුම ආරම්භ වීමෙන් පසු දමස්කස් නුවර ආක්‍රමණයට දින කිහිපයකට පෙර අරාබි මාධ්‍යයක් නොව අමෙරිකානු මාධ්‍යයක් වන සීඑන්එන් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී ඇත්තේ අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් සහ පත්වීමට නියමිත ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය අරමුණ පැහැදිලි කරදීමේ උපාය මාර්ගයක් ලෙස බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT