Home » දකුණු කොරියාවේ ජනපතිට රටින් පිටවීම තහනම්

දකුණු කොරියාවේ ජනපතිට රටින් පිටවීම තහනම්

by sachintha
December 10, 2024 1:30 am 0 comment

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ සිදුවීම සම්බන්ධව විමර්ශනයකට මුහුණ දී සිටින දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල්ට රටින් පිටවීම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබීමෙන් දෝෂාභියෝගයෙන් ද තනතුර රැක ගත් ජනාධිපතිවරයාට රටින් පිටවීමේ තහනම නිකුත් කර ඇත්තේ එරට අධිකරණ අමාත්‍යාංශය විසින් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ජනාධිපතිවරයාට අමතරව බුද්ධි අංශයේ ප්‍රධානියාට සහ හමුදාපතිවරයාට ද රටින් පිටවීම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට ජනාධීපතිවරයාට යෝජනා කළ බව කියන ආරක්ෂක ඇමැති පසුව ඉල්ලා අස්වූ අතර, ඔහු මේ වන විට අත්අඩංගුවේ පසුවන බවත් වාර්තා වේ. ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ යුද නීතිය පැය 6කට සීමා වූ අතර, එම සිදුවීමෙන් පසු එරට අභ්‍යන්තර කටයුතු ඇමැති, ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ඇතුළු ඉහළ තනතුරුවල සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකුම ඉල්ලා අස්වූ බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT