Home » සිරියානු රජය බිඳ වැටෙද්දී ඊශ්‍රායලය දේශසීමාව අල්ලයි

සිරියානු රජය බිඳ වැටෙද්දී ඊශ්‍රායලය දේශසීමාව අල්ලයි

by sachintha
December 10, 2024 1:29 am 0 comment

ඉස්ලාමීය කැරලිකාර කණ්ඩායම දමස්කස් අගනුවරට කඩා වැදීමෙන් පසු ඊශ්‍රායලය සිරියානු දේශසීමාව ආක්‍රමණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1974 දී සිරියාව සමඟ ඇතිකර ගත් සටන් විරාම ගිවිසුමට අනුව දේශසීමාවේ පිහිටි ගෝලන් කඳුකර ප්‍රදේශයට මායිම්ව ‘බෆර්‘ කලාපය නමින් හඳුන්වන සාම කලාපය ස්ථාපිත කර ඇති අතර, රජය බිඳ වැටීමෙන් පසු සිරියානු හමුදාව එම ස්ථානයෙන් ඉවත්වීමෙන් පසු ඊශ්‍රායල හමුදාව එහි බලය තහවුරු කර ගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඒ සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් උපදෙස් ලැබී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

සිරියාව සමඟ ඇතිකර ගත් සටන් විරාම ගිවිසුම බෂාර් අල් අසාඩ්ගේ බිඳ වැටීමත් සමඟ අහෝසි වූ බවත්, සිරියානු හමුදාව එම ස්ථානයෙන් ඉවත් වූ බවත් ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT