44
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අද (10) ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා හමුවිය.
මෙම නිල හමුවීමේදී, ජාතික ආරක්ෂාව හා සම්බන්ධ වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාධිපති සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර එහිදී අදහස් හුවමාරුවක් සිදු කෙරුණි.
මෙම හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළණයක් ප්‍රධානය කිරීමද සිදු කෙරිණි.