Home » වැඩි මිළට හාල් විකුණූ වෙළෙන්ඳන්ට නඩු

වැඩි මිළට හාල් විකුණූ වෙළෙන්ඳන්ට නඩු

by yasara
December 10, 2024 4:01 pm 0 comment

රජය විසින් නියම කරන ලද පාලන මිලට වෙළෙදුන් විසින් විසින් සහල් අලෙවි කරන්නේ ද යන්න පිලිබඳව සොයා බැලිම සදහා අද (10) දින පාරිභෝගික සේවා අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් බදුල්ල නගරයේ හදිසි වැටලීමක් සිදුකර තිබෙයි.

එහිදි මිල ප්‍රදර්ශනය නොකර  රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කල බදුල්ල දකුණු පටු මාවතේ ව්‍යාපාරික මහතෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පාරිභෝගික නිලධාරීන් විසින් කටයුතු කර තිබෙයි.

රජය විසින් සහල් මිල සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය සමග එහි වාසිය පාරීභොගික ජනතාව වෙත ලබාදීම සදහා මෙම වැටලීම් දිගින් දිගටම සිදුකර තරාතිරම නොබලා නීති මගින් කටයුතු කිරිමට පියවර ගන්නා බව පාරීභොගික සෙේවා අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ විමර්ශන නිළධාරි ශාන් යාපාරත්න මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT