Home » හාල්වලට උපරිම මිලක් – මෙන්න ගහපු ගැසට් එක

හාල්වලට උපරිම මිලක් – මෙන්න ගහපු ගැසට් එක

by chanaka
December 10, 2024 8:01 am 0 comment

දේශීය සහල් වර්ග සඳහා උපරිම සිල්ලර සහ තොග මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් ඊයේ(09) නිකුත් කර ඇත.

ඒ අනුව, ඊයේ සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක වේ.

ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමඟ කිසිදු නිෂ්පාදකයෙකුට, නිෂ්පාදකයෙකුට, සැපයුම්කරුවෙකුට, බෙදාහරින්නෙකුට හෝ වෙළෙන්දෙකුට පහත ලැයිස්තුගත කර ඇති දේශීය සහල් වර්ග නියමිත උපරිමයට වඩා වැඩි මිලකට විකිණීමට, සැපයීමට, ප්‍රදර්ශනය කිරීමට හෝ විකිණීමට ඉදිරිපත් නොකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර ඇත.

– දේශීය සුදු සහ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් / උපරිම සිල්ලර මිල රුපියල් 220ක්

– දේශීය නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක් / උපරිම සිල්ලර මිල රුපියල් 230ක්

– දේශීය කීරිසම්බා කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 255ක් / උපරිම සිල්ලර මිල රුපියල් 260ක්

ආනයනික සහල් සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

– ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක් සදහා උපරිම සිල්ලර මිල රුපියල් 210ක් / ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 220ක්

– ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 230ක්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT