Home » මාස දෙකක් තුළදී 1802 ක් ඊශ්‍රායලයට

මාස දෙකක් තුළදී 1802 ක් ඊශ්‍රායලයට

by chanaka
December 9, 2024 4:34 pm 0 comment

2024.04.13වැනිදා සිට 2024.11.30 දක්වා වන කාලය තුළ ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයට රැකියා සඳහා විදෙස්ගත වු පිරිස 4531 ක් වන බව ඊශ්‍රායලය සහ ලංකාව අතර වූ ගිවිසුමට අනුව සදහන්වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

එලෙස විදේශ ගත වු පිරිස 2024 පෙබරවාරි මස ස්ථාපනය කරන ලද ඊශ්‍රායල් ඉදිකිරිම් අංශයේ රැකියා ලද රැකියාලාභීන් වේ.

මේ වසරේ දෙසැම්බර් සහ 2025 ජනවාරි යන මාස දෙක ඇතුළත ඊශ්‍රායල් රැකියා සඳහා විදේශ ගත වීමට නියමිත පිරිස 1802 ක් බව ද කාර්යාංශය සදහන් කරයි. ඊශ්‍රායල් ඉදිකිරිම් අංශයේ රැකියා සදහා රැකියාලාභීන් ලොතරැයි ක්‍රමය යටතේ පමණක් තෝරා ගනු ලබන අතර රැකියා අවස්ථා ලබා දෙන බවට දුරකථන ඇමතුම් ලබා දීම, කෙටි පණිවිඩ යැවීම සහ වට්ස්ඇප් ගෘප් මගින් පුද්ගලයින් පොළඹවා ගනිමින් වංචනික ලෙස මුදල් ලබා ගන්නා පුද්ගලයින්, කණ්ඩායම් පිළිබද ව තොරතුරු කාර්යාංශය ට අනාවරණය වී ඇත.

ඒ අනුව වංචනික ලෙස මුදල් ලබා ගැනීම හෝ ලබා දීම යන ක්‍රියාවන් දෙකම අල්ලස් පනත යටතේ නීති විරෝධී වන අතර මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසුනොවී නිත්‍යානුකූල ලෙස රැකියා සදහා විදේශගත වීමට කටයුතු කරන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි.

එලෙස වංචනික ලෙස මුදල් ලබා ගන්නා පිරිස් වෙතොත් එවැනි පුද්ගලයින් පිළිබද තොරතුරු කාර්යාංශයේ 1989 දුරකථන අංකයට දැනුම් දෙන මෙන්ද කාර්යාංශය ඉල්ලා සිටියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT