ශ්‍රී ලංකාවේ ගංවතුර ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව අතරේ බෙදා හැරීම සඳහා, ශ්‍රී ලංකා – ජපාන තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ මැදිහත්වීමෙන් ජපාන රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 300ක් වටිනා ආධාර තොගයක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී පෙරේදා (7) රාත්‍රියේ මෙරටට භාර දීම සිදු කෙරිණ.
මෙම අධාර තොගය අතර කූඩාරම් (Tents)230ක්, මෙට්ට ( Sleeping Pads)1,300ක් සහ ප්ලාස්ටික් ෂීට් (Plastic Sheets) මීටර් 50ක්, දිග රෝල් 30ක් ද විය. මෙම ආධාර තොගය ගංවතුරින් විපතට පත් දිස්ත්‍රික්ක 13ක ජනතාව අතර, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ඒ ඒ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ක්ෂණිකව බෙදා හැරීමට නියමිතය.
එම අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික ) සම්පත් තුයියකොත්තා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමටා ( Akio Isamata) සහ ජයිකා ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ටෙට්සුයා යමාඩා (Tetsuya Yamada)යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
කටුනායක – ටී.කේ.ජී. කපිල