Home » වාලම්පුරි 4ක් විකුණන්න ගිය දෙදෙනෙක් එස්ටීඑෆ් දැලේ

වාලම්පුරි 4ක් විකුණන්න ගිය දෙදෙනෙක් එස්ටීඑෆ් දැලේ

by sachintha
December 9, 2024 2:08 am 0 comment

මිල අධික වාලම්පුරි 4ක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත මාදම්පේ පොලිස් වසමේ හා වෙන්නප්පුව පොලිස් වසමේදී වැටලීම් 2ක් සිදු කර ඇති අතර, එහිදී නීති විරෝධි ලෙස මිල කළ නොහැකි වාලම්පුරි 4ක් අලෙවි කිරීමට ගිය මාදම්පේ හා වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 41 හා අවුරුදු 42 වයසේ පසු වන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කරුවලගස්වැව වනජීවී කාර්යාලය වෙත භාර දී ඇති බව නාවික හමුදාව පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකා අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණ දෙන නිලධාරි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මඟපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය පුත්තලම කදවුරේ කඳවුර අණ දෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම කර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත, පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT