රන් මාලය උකසින් බේරාගැනීමට මව දුන් මුදල් ඉල්ලා නොදුන්නැයි උරණව ගම්පහ මාකේවිට අකරවිට ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියකට පහරදී ඝාතනය කර වැසිකිළි වළකට දැමූ එම දැරියගේ සුළු පියා බව කියන පුද්ගලයකු ගම්පහ ප්‍රධාන මහේත්‍රාත් සීලණී පෙරේරා මහත්මිය ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (8) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ඝාතනයට ලක්වූ දැරියගේ සුළු පියා වන අතුල චාමර නමැති 46 හැවිරිදි පෙදරේරුවෙකි. සැකකරු ඝාතනයට ලක්වූ දැරිය සහ අගේ මව සමග මාකෙවිට ප්‍රදේශයේ ඉදි කරමින් පවතින අදාළ නිවෙසේ සිය වෘත්තීය කරමින්ම නවාතැන්ගෙන සිට ඇති බවත්, දැරියගේ මව ඇගළුම් කම්හලක සේවය කරන බවත් පොලීසිය පැවසීය. සැකකරු දැඩිව අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයකි.
මේ ඝාතනය වූ ඉකුත් 2 දා සැකකරුගේ බිරිය සිය රන්මාලය උගසින් බේරාගැනීම සඳහා ඝාතනයට ලක්වූ දැරියට මුදල් දී තිබූ බවට කරුණු හෙලිව ඇතැයි ද පොලීසිය කියයි. සැකකරු මත්ද්‍රව්‍ය ගැනීමට එම මුදල් දැරියගෙන් ඉල්ලා ඇති අතර, එහිදී ඇතිවූ සිද්ධියකදී සැකකරු දැරියට පහර දී ඇති බවට කරුණු
අනාවරණය වන බව ද පොලීසිය සදහන් කරයි. එහිදී දැරිය බිම වැටී ඇති අතර, සැකකරු එම මුදල්ද රැගෙන නිවෙසින් පිටත්ව ගොස් නැවත පැමිණ බැලීමේදී දැරිය ඒ ආකාරයෙන්ම සිට ඇති බවත් දැරිය මියගොස් ඇතැයි සිතූ සැකකරු ඇගේ සිරුර ගවත්තේ වැසිකිළි වළක කොන්ක්‍රීට් ලෑල්ල ඉවත් කර එයට දමා වසා දමා ඇති බවට කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇතැයි ද පොලීසිය කියයි.
දැරියගේ මව රැකියාවට ගොස් නැවත නිවෙසට පැමිණ දියණිය කොහිදැයි විමසා ඇති අතර, එහිදී දැරිය විනෝද ගමනක් යෑම සඳහා මිතුරියකගේ නිවෙසට ගොස් ඇතැයි සැකකරු ඇයට පවසා තිබූ බවත් දින දෙකකට පසුත් ඇය නොපැමිණි බැවින් සැක සිතී ඇය දැරිය ගැන සොයා ඇති බවත් පොලීසිය සඳහන් කරයි. පසුව දැරිය අතුරුදන්ව ඇති බවට මව කරන ලද පැමිණිල්ලට අනුව ඇයගේ දෙවැනි ස්වාමිපුරුෂයා වන සැකකරු පොලීසියට ගෙන්වා ප්‍රශ්න කිරීමේදී මේ ඝාතනය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බවද පොලීසිය කියයි.
ඝාතනයට ලක්වූ දැරියගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ ගම්පහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා එම මරණය මුඛය ගෙල පපුව හිර කිරීමෙන් ශ්වසනය අවහිර වීම හේතුවෙන් වූ මරණයක් බව තීරණය කළේය.
ඉකුත් 6 දා මෙම සිරුර ගම්පහ ප්‍රධාන මහේත්‍රාත් සීලණි පෙරේරා මහත්මිය ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ නිරීක්ෂණය හමුවේ සිරුර වැසිකිළි වලින් ගොඩගනු ලැබූ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
මේ පරීක්ෂණයේදී සාක්ෂි දුන් මියගිය දැරියගේ මව වන එච්.ඒ. සුරේකා සඳමාලි මහත්මිය පැවසුවේ මේ මරණය සම්බන්ධයෙන් තම සැමියා සැක කරන බවයි. තමා ඉකුත් දෙසැම්බර් 2 දා රැකියාවට ගොස් ආපසු නිවෙසට පැමිණියත් දියණිය පෙනෙන්න නොසිටීම නිසා අහල පහල කිසිදු ස්ථානයක නොසිටි බැවින් සම්බන්ධයෙන් සැක සිතී ගම්පහ පොලීසියට පැමිණිලි කළ බවද ඇය සඳහන් කළාය.
තම සැමියා හා දියණිය සමඟ එම ප්‍රදේශයේ අලුතින් ඉදි කරන දෙමහල් ගොඩනැඟිල්ලක කාමරයක පදිංචිව සිටින බවත්, තම සැමියා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි බවත් ඇය මරණ පරීක්ෂණ සාක්ෂියේදී සදහන් කළාය. තවද එදින රැකියාවට පිටත් වීමට පෙර, උගස්කොට ඇති රත්රන් බඩු බේරාගැනීමට අවශ්‍ය මුදල් දියණිය වෙත භාර දී ගිය බවත්, සැමියා විසින් එම මුදල් ඉල්ලා ඇයට පහර දෙන්න ඇති බවත් සැක කරන බවද ඇය මෙහිදී පවසා සිටියාය. පසුව, පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කර දියණියගේ සිරුර ගෙවත්තේ වැසිකිළි වළක තිබී සොයාගන්නා ලද බවද ඇය පැවසුවාය.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ එහි අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණ සිදු කර ඇත. ගම්පහ පොලිසියේ සැරයන් (35433) මහේෂ් කුමාර මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
ගම්පහ අධිකරණ සහ ගම්පහ අතිරේක