Saturday, April 19, 2025
Home » ශ්‍රී පන්විල සෝරත නාහිමිගේ 78 වැනි ජන්ම දිනය දා පින්කම් රැසක්

ශ්‍රී පන්විල සෝරත නාහිමිගේ 78 වැනි ජන්ම දිනය දා පින්කම් රැසක්

by sachintha
December 9, 2024 1:34 am 0 comment

මහෝපාධ්‍යාය ශ්‍රී පන්විල සෝරත නාහිමියන්ගේ 78 වැනි ජන්ම දිනය දා පින්කම් රැසක් සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය පන්නිපිටිය, පැළැන්වත්ත, සම්බුදු මහා විහාරාධිපති, දම්පල් පදනමේ උත්තරීතර අනුශාසක, පන්විල ශ්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේගේ 78 වැනි ජන්ම දිනය 09 වැනි දිනට යෙදී ඇත.

ඒ නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා පින්කම් රැසක් පැවැත්වීමට, උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පැළැන්වත්තේ සෝහිත හිමි ඇතුළු විහාරස්ථ සියලුම සමිති සමාගම් ඒකාබද්ධව සංවිධානය කර ඇත.

සෝරත නාහිමියන්ගේ 78 වැනි ජන්ම දිනය යෙදී ඇති දෙසැම්බර් 09 වැනිදා උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවක් පැවැත්වෙන අතර, එදින දහවල් පැළැන්වත්ත සත්බුදු මහා විහාරස්ථ දායක සභාව විසින් අලුත්වැඩියා කරන ලද මහියංගණ, දඹාන රජයේ රෝහලට ගෘහ භාණ්ඩ සහ වෛද්‍ය උපකරණ රැසක් පරිත්‍යාග කිරීමට නියමිතය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT