Sunday, April 20, 2025
Home » සිරියානු ජනාධිපති රට හැර ගිය බවට රුසියාවෙන් තහවුරුවක්

සිරියානු ජනාධිපති රට හැර ගිය බවට රුසියාවෙන් තහවුරුවක්

by sachintha
December 9, 2024 1:55 am 0 comment

බලයෙන් පහ කළ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාඩ් ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් සහ සෙසු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සිය ධුරය හා රට හැර ගිය බවත්, සාමකාමී බල හුවමාරුවක් සඳහා උපදෙස් ලබා දුන් බවත් රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වුවද එම සාකච්ඡාවට රුසියාව සහභාගි නොවූ බව ද එරට විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි වාර්තා වේ. සිරියාවේ පිහිටි රුසියානු හමුදා කඳවුරට මෙතෙක් කිසිදු තර්ජනයක් එල්ල නොවූවද එම කඳවුර සීරුවෙන් තබා ඇතැයි ද වාර්තාවේ. අසාඩ්ගේ රජය බිඳ වැටුණද, එරට විපක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ රුසියාව සමීපව කටයුතු කරන බවත් රුසියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. බෂාර් අල් අසාඩ්ගේ සමීපතම මිතුරු රටක් වන රුසියාව මීට පෙර ඔහුට බලයේ රැඳී සිටීමට අවශ්‍ය හමුදා ආධාර ලබා දුන් බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT