Monday, April 21, 2025
Home » සිරියාවේ ඉරාන – ඉරාක තානාපති කාර්යාල ඉවත් කර ගනී

සිරියාවේ ඉරාන – ඉරාක තානාපති කාර්යාල ඉවත් කර ගනී

by sachintha
December 9, 2024 1:54 am 0 comment

ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම දමස්කස් නුවර වට කිරීමට මොහොතකට පෙර සිය තානාපති කාර්යාලයේ නිලධාරින් ඉන් ඉවත්වූ බව ඉරානය සහ ඉරාකය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගෙයි උපුටා දක්වමින් ටෙහෙරාන් ටයිම්ස් පුවත් සේවය එම පුවත වාර්තා කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉරාන තානාපති කාර්යාල නිලධාරින් ආරක්ෂිතව සිටින බව ද ඉස්මායිල් බගෙයි ප්‍රකාශ කළ බව වැඩිදුරටත් වාර්තා වේ. ඉරාකය නිවේදනය කර ඇත්තේ සිරියාවේ සිය තානාපති නිලධාරින් ලෙබනනය කරා පිටත්ව ගිය බවය.

මේ අතර සිරියාවේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් යුතුව පසුවන බව තුර්කිය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. පවතින තත්ත්වය තුළ එරට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී සංවිධාන වාසි ලබා නොගන්නා බවට සහතික කරගැනීම සඳහා ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම සමඟ සන්නිවේදන කටයුතු සිදු කරන බව තුර්කියේ විදේශ ඇමැති හකේන් ෆිඩාන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT