Home » නොවැම්බර් සංචාරක ආදායම ඩොලර් මිලියන 273ක් දක්වා ඉහළ යයි

නොවැම්බර් සංචාරක ආදායම ඩොලර් මිලියන 273ක් දක්වා ඉහළ යයි

by chanaka
December 9, 2024 4:46 pm 0 comment

පසුගිය නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරක අදායම අමෙරිකානු ඩොලර් මිලියන 272.9ක් බවත් අතර, ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 185.6ක් උපයා තිබෙන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නවතම සංඛ්‍යාලේඛනවලට සදහන් වේ.

එමෙන්ම වසරකට පෙර නොවැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 205.3ක අදායමක් උපයා ඇති බවට වාර්තා වේ.

එසේම මේ වසරේ මේ දක්වා සංචාරක පැමිණීම් 1,804,873 ක් සිදුව ඇති අතර, එම සංඛ්‍යාව 2024 සඳහා ඉලක්ක කර ඇති සංචාරක පැමිණීම් මිලියන 2.3 ට බෙහෙවින් සමීප වේ.

පසුගිය නොවැම්බර් 01 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලය තුළ මෙරටට සංචාරක පැමිණීම් 184,158ක් පැමිණ ඇති බව ද අනාවරණය වී ඇත. පසුගිය මාසයේ තෙවැනි සතිය තුළ සංචාරක පැමිණීම් 42,376ක් වැඩිම පැමිණීම් සංඛ්‍යාව ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, ඉන්දියානු සංචාරකයින් 41,120 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර රුසියානු සමූහාණ්ඩුව දෙවන වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇති රාජ්‍යයවන අතර එම මුළු පැමිණීම 29,053 කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT