Tuesday, April 22, 2025
Home » දියණිය මරා වැසිකිළි වළට දැමූ සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවෙයි

දියණිය මරා වැසිකිළි වළට දැමූ සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවෙයි

by chanaka
December 7, 2024 11:24 am 0 comment

ගම්පහ , මාකෙවිට ප්‍රදේශයේ පදිංචි සිටින පවුලක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකු වන පියා විසින් මුදල් ලබා ගැනීම පිණිස දියණියට පහරදීමේදී ඇය මියගිය පසුව ගෙවත්තේ වැසිකිළි වලට දමා ඇති බව හෙළිවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

ඝාතනයට ලක්ව ඇත්තේ හිමාෂා සඳරුවනි නමැති 14 හැවිරිදි දැරිවියක් බව පොලීසිය පවසයි.

මාකෙවිට ප්‍රදේශයේ නිවසක් ඉදිකරනු ලබන පෙදරේරුවෙකු , ඉදිකරනු ලබන එම නිවසෙහි සිය බිරිඳ සහ දියණිය සමග වාසය කොට ඇති අතර දැරියගේ මව ඇගළුම් කම්හලක සේවය බවත් සැමියා විසින් මත් ද්‍රව්‍ය ගැනීම සඳහා ඇයගේ රන් මාලය උකස් කිරීම මත එය බේරා ගැනීමට මව, දියණියට ලබාදී ඇති මුදල් ඉල්ලා පහරදීමේදී දැරිය වැටී මියගොස් ඇති බව අනාවරණය වූ බවත් පොලීසිය පවසයි.

ඉකුත් 2 වැනිදා මව රැකියාවට ගොස් ආපසු පැමිණ දියණිය ගැන විමසීමේදී මිතුරියගේ නිවසකට යන බව පවසා ගිය බව සැමියා විසින් පවසා ඇති අතර මේ ගැන ඇතිවූ සැකය මත ගම්පහ පොලීසියට පැමිණ දුව නොමැති බවට කරන ලද පැමිණිල්ලක් කොට තිබේ.

මේ අනුව ගම්පහ පොලීසිය ඇතිවූ සැකය මත පියා අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත්තේ බිරිඳගේ උකස් කළ රන්මාලය බේරා ගැනීම සඳහා සැමියාට මුදල් නොදී දියණිය අතට දී පියා සමග ගොස් බේරාගන්නා ලෙස පවසා මව රැකියාවට ගොස් ඇති අතර, පසුව දියණියගෙන් එම මුදල් ඉල්ලා පහරදීමේදී ඇදවැටීමෙන් පසුව පියා මුදල් රැගෙන ගොස් ආපසු නිවසට පැමිණ බැලීමේදී දියණිය වැටී සිටීම හේතුවෙන් ඔසවාගෙන ගොස් ගෙවත්තේ වැසිකිළි වලට දම ඇති බව යැයි පොලීසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT