Home » නාසා සඳ මෙහෙයුම වසර 03කින් ප්‍රමාද කරයි

නාසා සඳ මෙහෙයුම වසර 03කින් ප්‍රමාද කරයි

by chanaka
December 7, 2024 9:08 am 0 comment

චන්ද්‍ර ගවේෂණ සඳහා ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමේ සැලසුම් (NASA’s Artemis program) තවදුරටත් ප්‍රමාද කරන බව, එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය නිවේදනය කර තිබේ.

නාසා සඳහන් කර ඇත්තේ 2026 වසරේ දී සඳ මතට ගොඩබෑමේ සැලසුම්ගත මෙහෙයුම 2027 වසර තෙක් සිදු නොවන බවයි.

මීට අමතරව, 2025 සැප්තැම්බර් මාසයේදී ගගනගාමීන් සඳ වටා පියාසර කිරීමට නියමිතව තිබූ ‘පාත්ෆයින්ඩර් මෙහෙයුම’ (pathfinder mission) ද 2026 වසරේ අප්‍රේල් මාසයට පෙර සිදු නොවනු ඇති බව සඳහන් කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත.

මෙම ප්‍රමාදයන්ට හේතුව චන්ද්‍ර මෙහෙයුම් දෙකේදීම ගගනගාමීන්ගේ නිවහන වන ඔරියන් අභ්‍යවකාශ යානයෙ හි කැප්සියුලයේ ගැටළු සමඟ සම්බන්ධ වන බවයි. එනම්, පරීක්ෂණ පියාසැරියෙන් අනාවරණය වුණු කැප්සියුලයේ තාප ආවරණයේ ගැටලු විසඳීමට කාලයක් අවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT