264
වසර 25 කාලයක් මින්නේරිය හා කවුඩුල්ල යන ජාතික වනෝද්‍යාන නිජභූමිය කරගනිමින් ජීවත් වූ ‘කෝලිය’ නැමැති ඇතා අභිරහස් ලෙස මිය ගොස් තිබේ.
කෝලිය ඇතා මියගොස් සිට ඇත්තේ මින්නේරිය රොටවැව ඇල රක්ෂිත කලාපයේ ය.
ප්‍රදේශවාසියෙක් ප්‍රදේශයේ ඉතා දුගධක් ඇති බවට ලබා දුන් තොරතුරක් මත මින්නේරිය වනජීවී නිළධාරීන්ට විසින් මෙම මිය ගොස් සිටි ඇතාගේ සිරුර රක්ෂිතය තුළදී සොයා ගෙන තිබුණි.
වයස අවුරුදු 25 ක් වන මෙම ඇතාගේ උස අඩු 08 ක් පමණ වේ. එක් දළයක් දිග අඩි 04 යි අගල් 04ක් පමණවේ.
කෝලිය ඇතා මියයාමට හේතුව මෙතෙක් හෙළිව නොමැත.