වසර 109ක ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම කීර්තිමත් රග්බි ක්‍රීඩා සමාජයක් වන හැව්ලොක් ක්‍රීඩා සමාජයේ එළැඹෙන රග්බි තරගවාරය වෙනුවෙන් අනුග්‍රාහකත්වය ‘කැප් ෆිසී’ (පෞද්ගලික) සමාගම ලබාදෙයි. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ ‘කැප් ෆිසී’ (පෞද්ගලික) සමාගම වසර තුනක කාලයක් සඳහා ගිවිසුම්ගත වූ අතර, ලංකා හොස්පිට්ල් පී.එල්.සී. – හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායමේ සෞඛ්‍ය සේවා සහකරු වේ. එමෙන්ම පිට පිටම තුන්වැනි වසරටත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායමේ අනුග්‍රාහකත්වයට ‘ෆ්ලයිහයිස්පෝට්ස්’ කටයුතු කරයි. හැව්ලොක්ස් රග්බි – සම අනුග්‍රාහකත්වය ප්‍රීමා සමාගම හා ඒ.එල්.එෆ්.ටී. ඇසුරුම් සමාගම ලබාදී ඇත.
සාන්ත පීතර විද්‍යාලයේ හිටපු රග්බි ක්‍රීඩකයකු වන අබ්දුල්ලා ෆායිස් මෙවර හැව්ලොක්ස් රග්බි කණ්ඩායමේ නායකත්වය දරන අතර, සන්දේශ් ජයවික්‍රම උප නායකයා වේ. හැව්ලොක්ස් කාන්තා රග්බි කණ්ඩායමේ නායකත්වය ලේහා ගමගේ දරන අතර, චමෝදි සත්සරණි උප නායිකාව ලෙසින් කටයුතු කරන්නීය.