යතුරුපැදියක් හා කැබ් රථයක් අනතුරට භාජනයවීම මූලික කර ගෙන කැබ් රථයේ සිටි රියැදුරාට හා ඔහුගේ බිරියට පහර දී තුවාල සිදු කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු මේ මස 11 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (04) පස්වරුවේ නියෝග කළේය.
තිහාරිය ප්රදේශයේ පදිංචි මොහොමඩ් පයිස් මොහොමඩ් පරහන් නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.
තිහාරිය නගරයේ දී ඉකුත් 03 වැනිදා පෙරවරුවේ යතුරුපැදියක් කැබ් රථයක හැපී අනතුරක් සිදු වීමෙන් අනතුරුව පිරිසක් කැබ් රථයේ සිටි එහි රියැදුරාට හා ඔහුගේ බිරියට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධව නිට්ටඹුව පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
නිට්ටඹුව පොලීසියේ පොලිස් සැරයන් රත්නායක (16859) මහතා කරුණු දක්වමින් යතුරුපැදියක් තිහාරිය නගරයේ දී කැබ් රථයක හැපීමෙන් අනතුරුව ඒ ආසන්නයේ සිටි පිරිසක් කැබ් රථයේ රියැදුරාට හා ඔහුගේ බිරියට පහර දී තුවාල සිදු කර ඇති බව පවසා සිටියේය. එම පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් සැඟවී සිටින හෙයින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යන බව ද පොලිස් සැරයන්වරයා පවසා සිටියේය. නීතිඥ රුක්මන් සිල්වා මහතා කරුණු දක්වමින් අනතුර සිදුවීමත් සමඟ රියැදුරා කැබ් රථය පදවා ගෙන යෑමට උත්සාහ ගත් අවස්ථාවේ ඔහුගේ අතකට පහර දී එය නවත්වා ගැනීම පමණක් කළ බවත් ඔය කියන ආකාරයේ පහරදීමකට මේ සැකකරු කිසිදු සම්බන්ධයක් නැති බවත් පවසා සිටියේය.
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කෙරිණි.
මෙම නඩුව නැවත කැඳවීම මේ මස 11 වැනිදාට කල් තැබිණ.