Saturday, April 19, 2025
Home » ගුවන්තොටුපොළෙන් පන්නන්න ගිය රට සිගරට් රාජසන්තකයි

ගුවන්තොටුපොළෙන් පන්නන්න ගිය රට සිගරට් රාජසන්තකයි

සැකකරුට අවවාද කර මුදාහරී

by mahesh
December 6, 2024 1:00 am 0 comment

කටුනායක ටී.කේ.ජී. කපිල

නීති විරෝධී ලෙස මෙරටට ගෙනැවිත් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකරගෙන යෑමට තැත් කළ රුපියල් තිස්හතර ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් ඊයේ (5) දින අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මෙරට හෝටලයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි. ඔහු දෙසැම්බර් මස 5 වැනි දින අලුයම 12.45ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්. ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එසේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි මොහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යෑමට තැත් කරමින් සිටියදී, රේගු නිලධාරීන් විසින් වට කොට අල්ලා ගැනීමට පියවර ගෙන තිබුණි. එහිදී ඔහු රැගෙනවිත් තිබූ ගමන් මලු දෙකක් තුළ, විදේශීය ‘ප්ලැටිනම්’ වර්ගයේ දුම්වැටි 23,000ක් අඩංගු දුම්වැටි කාටූන් 115ක් සඟවාගෙන සිටියදී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබිණ.

පසුව මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණයක් පැවැත්වූ අතර, එහිදී මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කළ අතර, මෙම ගුවන් මගියාට තරයේ අවවාද කර නිදහස් කිරීමට ද පියවර ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT