Saturday, April 19, 2025
Home » වස්කඩුවේ මහින්ද සාගරට කළුතර දිස්ත්‍රික් කලාශූරී සම්මානය

වස්කඩුවේ මහින්ද සාගරට කළුතර දිස්ත්‍රික් කලාශූරී සම්මානය

by mahesh
December 6, 2024 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

කළුතර දිස්ත්‍රික්කයෙන් බිහිවූ අසහාය කලාශූරී වස්කඩුවේ මහින්ද සාගර මහතාට කළුතර දිස්ත්‍රික් කලාශූරී සම්මානය ඊයේ (5) දා පිරිනමන ලදී.

”සිතුවිල්ලෙන් බැඳුණු අදහසකට දහස් රේඛා සහ වර්ණයන්ගෙන් සොඳුරු සිත්තමක් සේ පනපොවා කළුතර පින්බිම චිත්‍ර හා වර්ණ කලාවෙන් සුපෝෂණය කරදීමට දිවා රෑ හෙලූ රන් දා බිදු ඇගයීම” වෙනුවෙන් වස්කඩුවේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී මහින්ද සාගර කලාකරුවානන්ට මෙම ගෞරව සම්මානය පිරිනමන ලදී.

“පැහැසර අරුණ” කළුතර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයේදී කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කේ. ගුණවර්ධන මහතාගේ සුරතින් මෙම සම්මානය පිරිනැමිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT