Monday, April 21, 2025
Home » එක්සත් ජනපද නියෝජිත කණ්ඩායම අගමැතිනිය හමුවෙයි

එක්සත් ජනපද නියෝජිත කණ්ඩායම අගමැතිනිය හමුවෙයි

by chanaka
December 6, 2024 8:29 pm 0 comment

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් Donold Lu මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සඳහා පිළියම් සෙවීම සහ අධ්‍යාපනික සහ පාලන සහයෝගීතාව සඳහා ඇති අවස්ථාවන් පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය.

නිපුණ ශ්‍රම බලකාය පෝෂණය කිරීම සඳහා අධ්‍යාපන ක්‍රමය ආර්ථික අවශ්‍යතා සමඟ පෙළගැස්වීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, විනිවිදභාවය සහ වගවීම සඳහා රජයේ කැපවීම පිළිබඳවද සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කාරිත්වයේ කාර්යභාරය පිළිබඳව ද මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික සමානාත්මතාවයේ අන්‍යෝන්‍ය අරමුණු සඳහා දෙපාර්ශ්වයම ඔවුන්ගේ කැපවීම පිළිබඳ මෙහිදී යළි තහවුරු කළහ.

එක්සත් ජනපද නියෝජිත පිරිසට USAID ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් මහත්මිය, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චුන්ග් මහත්මියද ඇතුළත් විය. ශ්‍රී ලංකා නියෝජිතයන් අතර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශෝබිනි ගුණසේකර යන මහත්ම මහත්මීහු ද වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT