ලෙබනන් – ඊශ්‍රායල යුද ගැටුම් හේතුවෙන් අසරණ වූ, ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනකු පෙරේදා (04) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළට පැමිණියහ.
කුඩා ළමයින් 05 දෙනකු, කාන්තාවන් 03 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 19 දෙනෙකු මෙසේ කටුනායක ගුවන්තොටුපොළට පැමිණි පිරිසට අයත් වූහ.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීම සඳහා සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migration), ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව පියවර ගෙන තිබුණි.
මේ ආකාරයට ඉකුත් නොවැම්බර් මස 06, 12, 28 සහ ඉකුත් 01 වැනිදා යන දිනයන්හිදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණි.
ඒ අනුව මේ වනවිට ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනකු මේ අකාරයට රැගෙන විත් තිබේ.
මෙම ශ්‍රී ලාංකිකයන් 27 දෙනා පෙරේදා (04) රාත්‍රී 11.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.