ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධාන කරන ‘ජාතික බාලදක්ෂ සම්මාන උලෙළ -2024’ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (07) පැවැත්වේ.
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වසර පහකට වඩා සේවය කළ පිරිස් මෙහිදී කාණ්ඩ කිහිපයක් යටතේ ඇගයීමට ලක් කරනු ලැබේ.
මෙහිදී පිරිනමන ඉහළම සම්මානය වන ‘සිල්වර් ලයන්ස්‘ සම්මානයෙන් ඩබ්ලිව්. එම්. එල්. චන්ද්‍රාණි ප්‍රනාන්දු, එම්.පී.වී. ලසන්ත කොරයා, පී. තිලක්මන් පද්මසිරි ප්‍රනාන්දු, එන්. ඉන්ද්‍රජිත් රාමනායක, ජී. ප්‍රේමා වීරසේකර, ඩබ්ලිව්. ඩී. වීරසේකර, කේ. සරත් සෝමවීර සිල්වා, එච්. එම්. එල්. පී. නමුණුකුල මහත්ම මහත්මීහු පිදුම් ලබති.
වසර දෙකකට වරක් මේ සම්මාන උලෙළ පවත්වන අතර, අවසන් වරට 2022දී පැවැත්විණි.
මේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්. එෆ්. එම්. මුහීඩ් මහත්වරුන් ඇතුළු ආරාධිතයෝ සහභාගි වෙති.