Monday, April 21, 2025
Home » හිඟයක් නොවේ පොල් මාෆියාවක්

හිඟයක් නොවේ පොල් මාෆියාවක්

අමාත්‍ය වසන්ත සමරසිංහ

by mahesh
December 6, 2024 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

පරිභෝජනයට ඇති පොල්වල කිසි අඩුවක් නැති බවත් එහෙත් පොල් වෙළෙඳපොළ මාෆියාවක් නිර්මාණය කරන්නට ඇතැමුන් උත්සාහ දරමින් සිටින බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම වසරේ පොල් නිෂ්පාදන අපේක්ෂාව ගෙඩි මිලියන 2684ක් වන අතර පසුගිය වසරට වඩා පොල් නිෂ්පාදනය 14%ක අඩුවක් ඇති බවත් ඇමැතිවරයා පැවසීය. කෙසේ වුවද වෙළෙඳපොළ තුළ පරිභෝජනයට ඇති පොල්වල අඩුවක් නැති බව ද ඇමැතිවරයා කීය.

වෙළෙඳපොළ තුළ පොල් මිල රුපියල් 200ට යෑම වැළැක්වීම වෙනුවෙන් සතොස හරහා පොල් ගෙඩියක් 130 බැගින් අලෙවි කිරීමට තීරණය කර ඇති අතර නගර ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද වසන්ත සමරසිංහ මහතා පැවසීය. රජය යටතේ පවතින වතුවල පොල් ගෙඩි ලක්ෂ දහයක් මේ මොහොතේ මෙලෙස අලෙවි කරන බව ද ඇමැතිවරයා කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා මෙසේ ද පැවසීය.

“සහල්වල ප්‍රශ්නයක් තිබෙනවා. ජනතාවට දවසකට සහල් මෙට්‍රික් ටොන් 6500ක් අවශ්‍යයි. මේ ඇති වන හිඟය පියවීම වෙනුවෙන්, ඇති වී තිබෙන තත්ත්වය කළමනාකරණයට සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කරනවා. දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් සතොස හරහා අලෙවි කරනවා. කෙටි කාලීනව මීට අදාළ විසඳුම් අපි සොයනවා. ජාතික ලැයිස්තුවේ සිටි අයටත් ණය ලබාදී තිබෙනවා. මේ අය මාෆියාවක් හදන්න උත්සාහ කරනවා. ඒක වළක්වන්න තමයි රුපියල් 130ට පොල් දෙන්නේ. රජය සතු වතුවල තිබෙන පොල් ගෙඩි ලක්ෂ 10ක් මෙසේ බෙදා හරිනවා.

කොළඹ අවට සතොස ජාලා 140ක් තිබෙනවා. ඒ හරහා අද සිට මෙම පොල් බෙදා හරිනවා. මෙම පොල් ප්‍රමාණවත් නොවුණොත් තව පොල් ලබා දෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT