විපක්ෂයේ විශ්වාසභංග යෝජනාවකින් අගමැතිවරයා පරාජයට පත්වීමෙන් වසර 62කට පසු පළමු වරට ප්‍රංශ රජය බිඳවැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රංශයේ වයස්ගතම අගමැතිවරයා ලෙස පසුගිය සැප්තැම්බරයේදී ධුරයට පත්වූ 73 හැවිරිදි මිචෙල් බාර්නියර්ගේ ධුර කාලය දින 90කට සීමා වීමෙන් ඔහු එරට අඩුම කාලයක් අගමැති ධුරය හෙබවූ පුද්ගලයා බවට ද පත්විය. මිචෙල් බාර්නියර්ට ධුරය අහිමි වූයේ අය-වැය යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීමට උත්සාහ කිරීම හේතුවෙනි. ප්‍රංශ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට ඡන්ද 288ක් අවශ්‍ය වූව ද අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයට ඡන්ද 331ක් ලැබී තිබිණි. විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වී අගමැති ධුරය අහිමි වූ මිචෙල් බාර්නියර් පාර්ලිමේන්තුවෙන් නික්ම යෑමට පෙර මන්ත්‍රීවරුන්ගෙන් සමුගත් අයුරු ඡායාරූපයේ දැක්වෙයි.
30
මීලඟ පුවත