Sunday, April 20, 2025
Home » ආයෝජනයට සුදුසු පරිසරයක් රටේ නිර්මාණය වෙලා
දේශපාලන ස්ථාවරත්වයත් එක්ක

ආයෝජනයට සුදුසු පරිසරයක් රටේ නිර්මාණය වෙලා

ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරින් හමුවේ ජනපති කියයි

by mahesh
December 6, 2024 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

නව ආයෝජන කලාප පහක් ලබන වසරේදී:

රටේ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිම ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බවත්, රටට හිතකර පිරිසුදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ නිදහස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආයෝජන මණ්ඩලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අය වැයෙන් ලබා දීමට මෙන්ම නව ආයෝජන කලාප පහක් ලබන වසරේදී රටේ ඇති කිරීමට අවධානය යොමුව තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (05) පැවති සාකච්ඡාවේදීය.

දේශපාලන ස්ථාවරත්වය මෙන්ම රටේ මූල්‍ය ස්ථාවරත්වය ද ළඟා කරගත යුතු බව අවධාරණය කළ අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා ආයෝජන මණ්ඩලයට විශාල වගකීමක් පැවරී තිබෙන බව ද කියා සිටියේය. ආයෝජන මණ්ඩලයට පැවරී තිබෙන වගකීම නිසියාකාරව ඉටු කිරීමට කැපවිය යුතු බවත්, රටට හිතකර ආයෝජකයන් ගෙන්වා ගැනීමට ආයෝජන මණ්ඩලයට පූර්ණ නිදහස ලබා දෙන බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, අධ්‍යක්ෂ ජනරාල් රේණුක වීරකෝන් මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT