Home » නොරොක්කානවත්තෙන් නීති විරෝධි ගිනි අවි කම්මලක් අල්ලයි

නොරොක්කානවත්තෙන් නීති විරෝධි ගිනි අවි කම්මලක් අල්ලයි

by mahesh
December 6, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත, කහවත්ත - ලසන්ත නිරෝෂණ පෙරේරා

නීති විරෝධි ලෙස ගිනි අවි නිෂ්පාදනයේ යෙදුණු පුද්ගලයකු එසේ නිපදවූ ගිනි අවිද සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (4) අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත රක්වාන පොලිස් වසමේ මාදම්පේ, නොරොක්කානවත්ත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ. මෙහිදී වයස අවුරුදු 50ක පුද්ගලයකු නිෂ්පාදනය කරමින් තිබූ රිවෝල්වරයක් සහ රිවෝල්වර අවි සැකිලි 2ක් සමඟ අවි නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගිනි අවි කොටස් සමඟ සැකකරු රක්වාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, කහවත්ත කඳවුරේ කඳවුර අණ දෙන නිලධාරි පොලිස් පරීක්ෂක එල්.එන්.ඩී. මොල්ලිගොඩ මහතාගේ අධීක්ෂණයෙන් දෙවැනි කඳවුර අණ දෙන නිලධාරි උප පොලිස් පරීක්ෂක කේ.ඩී.එච්.කේ. ගයංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT