Home » කොළඹ වරාය පුළුල් කිරීම සැලසුම් කළ ආකාරයටම

කොළඹ වරාය පුළුල් කිරීම සැලසුම් කළ ආකාරයටම

වරාය අධිකාරියේ සභාපති සිරිමෙවන් රණසිංහ

by mahesh
December 6, 2024 1:00 am 0 comment

රන්මලී සෝමසිරි

අදානි සමූහ ව්‍යාපාරයේ නායකත්වයෙන් යුත් කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති සිරිමෙවන් රණසිංහ මහතා පැවසීය.

කොළඹ බටහිර අන්තර්ජාතික පර්යන්තයේ ඉදිකිරීම් තවමත් සිදුවෙමින් පවතින අතර, ව්‍යාපෘතියේ පළමු අදියර 2025 මුල් භාගයේදී නිම කිරීමට නියමිතව ඇතැයි ද ඒ මහතා කීවේය.

ඒ අනුව අදානි පෝර්ට්ස් (Adani ports) සමාගම සහ විශේෂ ආර්ථික කලාපය අතර අත්සන් කර ඇති ගිවිසුමට අනුව ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.අදානි සමූහ ව්‍යාපාරය රටේ වරාය යටිතල පහසුකම් ව්‍යාප්ත කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.ඩොලර් බිලියනයක මුදල් සම්භාරයක් වියදම් කරන කොළඹ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ විශාලතම සෘජු විදේශ ආයෝජනයයි. එක්සත් ජනපද අනතර්ජාතික සංවර්ධන මූල්‍ය ඒජන්සිය 2023 වසරේ ඩොලර් මිලියන 553ක ණයක් ලබා දුන්නේ කොළඹ වරාය සංවර්ධනය කිරීම සඳහා වූ ව්‍යාපෘතියේ බහුතර කොටස් Adani Ports සතු පසුබිමකය. හවුල්කරුවන් විසින් 30%ක කොටස් දායකත්වයක් සහිත එම ණය කාලය වසර 20කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT