ව්‍යාජ මැණික් ගලක් සහ ගජමුතුවක් රුපියල් ලක්ෂ 16කට අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (04) අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කන්තලේ නගරයේ බස් නැවතුම්පොළ අසල දී වැටලීමක් කර ඇත.
එහිදී ගජමුතුවක් හා “සෙරමික්” නමින් හඳුන්වන මැණික් ගලක් ලෙස හඟවමින් ව්‍යාජ ගලක් රුපියල් ලක්ෂ 16කට තරැව්කරුවකුට අලෙවි කිරීමට සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරි වව්නියාව පොලිස් අධිකාරි ඩී.පී.යූ. කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.ආර්.වී.එම්.අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන්, කන්තලේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පො.ප. යූ.එස්. උදයකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ වැටලීම සිදුකර තිබේ.