Home » දලු නෙළමින් සිටි වතු කාන්තාවකට කඳුකර කොටියෙක් පහරදීලා

දලු නෙළමින් සිටි වතු කාන්තාවකට කඳුකර කොටියෙක් පහරදීලා

by mahesh
December 6, 2024 1:00 am 0 comment

හැටන් රංජිත් - රාජපක්ෂ

තේ වත්තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකට ඊයේ (05) කඳුකර කොටියකු පහරදී තුවාල කර ඇතැයි බගවන්තලාව පොලීසිය කියයි.

තුවාල ලැබූ 53 හැවිරිදි කාන්තාව මේ වන විට බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලීසිය පවසයි. බගවන්තලාව පොලිස් වසමට අයත් මෝරාවත්තේ වතු කම්කරුවන් පිරිසක් බෝපත්තලාව රක්ෂිතය ආසන්නයේ පිහිටි තේ වත්තේ තේ දලු නෙළමින් සිටියදී සුනඛයකු දඩයම් කිරීමට පැමිණි කඳුකර කොටියකු සුනඛයා දඩයම් කරන අවස්ථාවේ මිනිසුන්ගේ කෑ ගැසීමෙන් කලබල වී අදාළ කාන්තාවට පහරදී රක්ෂිතයට පලා ගොස් ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබු කාන්තාවගේ ශරීරය පුරා කොටියාගේ නිය පහර ඇති බැවින් ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවීමට නියමිත බව ද බගවන්තලාව රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT