ජනාධිපතිධුර කාලය ඇතුළත අප්‍රිකාවේ සංචාරය කරන බවට දුන් පොරොන්දුව ඉටු කරමින් ජෝ බයිඩ්න් අප්‍රිකානු සංචාරය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන ජනවාරියේ ධුරයෙන් නික්ම යෑමට නියමිත ජෝ බයිඩ්න් සිය අප්‍රිකානු සංචාරය ආරම්භ කරමින් පසුගිය ඉරිදා ඇන්ගෝලාවට සේන්දු වූ බවත්, අමෙරිකාවේ ආධාර මත එරට ඉදිකරන ප්‍රධාන දුම්රිය ව්‍යාපෘතියක තත්ත්වය සොයා බැලීම සඳහා ඇන්ගෝලාවේ සංචාරය සැලසුම් කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අමෙරිකානු ණය මුදල් යටතේ ඉදිවන එම දුම්රිය මාර්ගය බටහිර රටවලට ඛනිජ වර්ග අපනයනය වේගවත් කිරීමට හේතුවී ඇති අතර, එය ඇන්ගෝලාවෙන් ඛනිජ තෙල් අපනයනය කිරීමට චීනයට ලැබී තිබූ අවස්ථා මඟ හැරවීමක් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඛනිජ වර්ගවලින් පොහොසත් කොංගෝව සහ සැම්බියා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අත්ලාන්තික් සාගරයේ පිහිටි ඇන්ගෝලාවට අයත් ලොබිටෝ වරායට සම්බන්ධ කරන ප්‍රධානතම මාර්ගය බවට පත්වනු ඇති බවත්, දුම්රිය මාර්ගයේ වැඩ අවසන්වීමෙන් පසු කොංගෝවේ දක්නට ලැබෙන බැටරි සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංගවල ප්‍රධාන අවශ්‍යතාවක් වන තඹ සහ කොබෝල්ට් වැනි ඛනිජ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් බටහිරට අපනයනය කිරීමට සැලසුම් කර ඇතැයි ද වාර්තාවේ.