Home » පාකිස්තානයේ විදුලි අර්බුදය ඉහළට

පාකිස්තානයේ විදුලි අර්බුදය ඉහළට

by mahesh
December 6, 2024 1:00 am 0 comment

පාකිස්තානයේ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් වෙත ගෙවීමට ඇති මුදල මේ වසර අවසන් වන විට පාකිස්තාන රුපියල් ට්‍රිලියන 2.8 දක්වා ඉහළ යනු ඇතැයි එරට දත්ත වාර්තාවල සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රමාද වූ ගෙවීම් සහ බෙදාහැරීමේ අකාර්යක්ෂමතාව හේතුවෙන් සිදුවන පාඩු ඇතුළත්ව එම හිඟ මුදල අධික ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. නිෂ්පාදන පිරිවැය සහ පාරිභෝගික ගාස්තු අතර සැලකිය යුතු වෙනසක් ඇති බවත්, එය ආවරණය කිරීම සඳහා විදුලි නිෂ්පාදකයන් වෙත සහනාධාර ලබාදීමට පාකිස්තාන රජය අසමත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පවතින විදුලි හිඟය අවම කරගැනීම සඳහා පාරිභෝගික විදුලි බිල්පත ඉහළ දැමීමට එරට රජය අවස්ථා ගණනාවකදීම පියවර ගනු ලැබුවද, එය මෙතෙක් සාර්ථක වී නැති අතර, රජය විසින් අඛණ්ඩව විදුලි බිල්පත ඉහළ දැමීම හේතුවෙන් එරට ජනතාව දැඩි පීඩාවට පත්ව සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තානය මේ වනවිට කලාපයේ වැඩිම විදුලි ගාස්තුව වාර්තාවන රට බවට පත්වී ඇති බව එරට බලශක්ති ඇමැති අවෙයිස් ලෙගාරි පසුගියදා තහවුරු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT