Home » ජනපතිට ගෙදර යන්නැයි දකුණු කොරියාවේ විරෝධතා ඇරඹේ

ජනපතිට ගෙදර යන්නැයි දකුණු කොරියාවේ විරෝධතා ඇරඹේ

by mahesh
December 6, 2024 12:50 am 0 comment

උතුරු කොරියාවේ බලවේග මැඬ පැවැත්වීමට බව කියමින් දකුණු කොරියාවේ ජනාධිපතිවරයා පසුගියදා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ සිදුවීම මුල් කරමින් එරට දහස් සංඛ්‍යාත ජනතාව සෝල් නුවර විරෝධතාවක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව කියමින් ජනතාව වීදිවල ඉටිපන්දම් දල්වා එම විරෝධතාවේ නිරත වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

හමුදා බාධක මැද පාර්ලිමේන්තුවට රැස්වී යුද නීතිය අවහිර කිරීමේ යෝජනාව සම්මත කරගත් එරට විපක්ෂය මේ වන විට ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT