Home » අදායම් – වියදම් ලබාදීමේ කාලය අද මැදියමෙන් නිමයි

අදායම් – වියදම් ලබාදීමේ කාලය අද මැදියමෙන් නිමයි

by chanaka
December 6, 2024 10:47 am 0 comment

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමේ කාල සීමාව අද (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8,361 දෙනාගෙන් මේ වන විට අදාළ වාර්තා ලබාදී ඇත්තේ 1,985 දෙනෙකු පමණක් බව කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

එසේම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 690කින් 106ක් සහ ජාතික ලැයිස්තුවෙන් 527 දෙනාගෙන් 57 දෙනෙකු පමණක් ආදායම් සහ වියදම් වාර්තා ලබා දී තිබෙන බව ඔහු පැවසීය.

එසේ භාර නොදෙන අයට විරුද්ධව නීතිමය වශයෙන් පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT