පකිස්තානයේ පැවති 04 වැනි දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ශූරතා තරගාවලියේ දී තෙවැනි තැන ලැබූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අද(05) අලුයම යළි දිවයිනට පැමිණියේය.
මෙම තරගාවලිය ඉකුත් 23වැනිදා සිට දෙසැම්බර් 03 වැනිදා දක්වා පැවැත්වුණි.
රටවල් 07 ක් නියෝජනය කළ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පාකිස්තානයේ මුල්ටාන් නුවර එය පැවැත්වුණි.
මෙම තරගාවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ දමිත් සදරුවන් ක්‍රීඩකයා නම් කර තිබූ අතර , මෙම තරගාවලියේ පැවති තරග තුනකදීම ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් තිදෙනකු එම තරග වල වීරයා ( Man of the Match ) සම්මානය දිනා ගැනීමට ද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම 12.45 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් -549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩකයින්ගේ ඥාතීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියද, ඔවුන් වෙත පැවති මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් ඔවුන් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත ඇතුළු නොවී සිටියහ.
කටුනායක ටී.කේ.ජී.කපිල