අප්‍රිකානු මහාද්වීපයේ පැවති ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතා තරගාවලි තුනකට සහභාගි වී ජයග්‍රහණ අත්කරගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කාන්තා බැඩ්මින්ටන් ක්‍රීඩිකා යුගළය වන හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න පෙරේදා පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළෙන් යළි මෙරටට පැමිණියහ.
ඔවුන් දෙදෙනා මේ තරග සංචාරයේදී රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූ අතර, ඒ සැම්බියාවේ ලුසාකා නුවර පැවති තරගාවලියේදී කාන්තා යුගල රිදී පදක්කම, බොට්ස්වානා රාජ්‍යයේ ඔට්සෙ නුවර පැවති තරගාවලියේදී රන් පදක්කමක් සහ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පැවති ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේදී කාන්තා යුගල රිදී පදක්කම ලෙසිනි.