Home » හසිනි සහ හසාරා ගෙදර එති

හසිනි සහ හසාරා ගෙදර එති

by Gayan Abeykoon
December 5, 2024 1:14 am 0 comment

කටු­නා­යක - ටී.කේ.ජී. කපිල

අප්‍රි­කානු මහා­ද්වී­පයේ පැවති ජාත්‍ය­න්තර බැඩ්මි­න්ටන් ශූරතා තර­ගා­වලි තුන­කට සහ­භාගි වී ජය­ග්‍ර­හණ අත්ක­ර­ගත් ශ්‍රී ලංකාවේ විශි­ෂ්ට­තම කාන්තා බැඩ්මි­න්ටන් ක්‍රීඩිකා යුග­ළය වන හසිනි අම්බ­ල­න්ගො­ඩගේ සහ හසාරා විජේ­රත්න පෙරේදා පස්ව­රුවේ කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළෙන් යළි මෙර­ටට පැමි­ණි­යහ.

ඔවුන් දෙදෙනා මේ තරග සංචා­ර­යේදී රන් පද­ක්ක­මක් සහ රිදී පද­ක්කම් දෙකක් දිනා ගැනී­මට සමත් වූ අතර, ඒ සැම්බි­යාවේ ලුසාකා නුවර පැවති තර­ගා­ව­ලි­යේදී කාන්තා යුගල රිදී පද­ක්කම, බොට්ස්වානා රාජ්‍යයේ ඔට්සෙ නුවර පැවති තර­ගා­ව­ලි­යේදී රන් පද­ක්ක­මක් සහ දකුණු අප්‍රි­කාවේ කේප්ට­වුන් නුවර පැවති ජාත්‍ය­න්තර බැඩ්මි­න්ටන් ශූරතා තර­ගා­ව­ලි­යේදී කාන්තා යුගල රිදී පද­ක්කම ලෙසිනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT