ශ්‍රී ලංකා ෂෝටෝකාන් කරාටේ සමස්ත ලංකා තරගාවලියේදී පදක්කම් 7ක් දිනා ගැනීමට පස්සර, නමුණුකුල විදුහල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 01ක් සහ ලෝකඩ පදක්කම් 04ක් හිමිවී ඇත.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති තරගාවලියේදී දුර්ගාදේවී සහ වර්ෂා දිව්‍යාංජලී රන් පදක්කම් දිනාගත් අතර, සිතුම් සඳරුවන්ට රිදී පදක්කමක් හිමිවිය. දෙනුම්වන් ගීතාංජන, උෂාන් සාවින්ද, දිනෙත්මා නෙත්සරණී සහ දිව්‍යා හාරනී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
විදුහල්පති ඒ.එම්.එස්. බණ්ඩාර අබේකෝන් මහතාගේ උපදෙස් මත පාසල් ක්‍රීඩා පුහුණුකාරිනිය ආර්.එම්. රංජනී රත්නායක මහත්මිය විසින් මේ කණ්ඩායම පුහුණු කරනු ලැබුවාය.