Monday, April 21, 2025
Home » සර්බි­යාවේ ජොකෝ­වික් ටෙනිස් ලෝක වාර්තාව හඹා යයි

සර්බි­යාවේ ජොකෝ­වික් ටෙනිස් ලෝක වාර්තාව හඹා යයි

by Gayan Abeykoon
December 5, 2024 1:19 am 0 comment

සර්බි­යාවේ නොවැක් ජොකෝ­වික් එතෙක් මෙතෙක් වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතා දිනා ගැනීමේ ලෝක වාර්තාව අත්කර ගැනීමේ අපේ­ක්ෂා­වෙන් ලබන ජන­වා­රියේ ඔස්ට්‍රේ­ලි­යානු විවෘත ටෙනිස් ශුර­තා­ව­ලි­යට සහ­භා­ගි­වී­මට නිය­මි­තය. ඔස්ට්‍රේ­ලි­යානු විවෘත ටෙනිස් ශුර­තා­ව­ලි­යට පෙර පැවැ­ත්වෙන බ්‍රිස්බේන් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කරන බවට නිවේ­ද­නය කිරී­මත් සමඟ ඔහු ලෝක වාර්තාව හඹා යන බව තහ­වුරු වී තිබේ.

මේ වන විට ඔස්ට්‍රේ­ලි­යාවේ හිටපු ක්‍රීඩිකා මාග­රට් කෝට් සමඟ ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දිනා ගැනීමේ සම වාර්තා­වට හිමි­කම් කියන 37 හැවි­රිදි ජොකෝ­වික් ඔස්ට්‍රේ­ලි­යා­වේදී එම වාර්තාවේ තනි අයි­තිය හිමි කර­ගනු ඇතැයි දැන­ට­මත් අනා­වැකි පළ වී තිබේ. ඔස්ට්‍රේ­ලි­යානු විවෘත ටෙනිස් ඉති­හා­සයේ ශූරතා 10ක්ම දිනා සිටින අතර, එම තර­ගා­ව­ලිය පැවැ­ත්වෙන මෙල්බර්න් ටෙනිස් පිටිය ජොකෝ­වික්ගේ ප්‍රිය­තම ක්‍රීඩා පිටි­යක් බව ද වාර්තා වේ.

බ්‍රිස්බේන් ටෙනිස් තර­ගා­ව­ලිය මේ මස 29 වැනිදා සිට ජන­වාරි 5 වැනිදා දක්වා පැවැ­ත්වෙන අතර, ඔස්ට්‍රේ­ලි­යානු විවෘත ටෙනිස් ශූර­තා­ව­ලිය ජන­වාරි 12 වැනිදා ආර­ම්භ­වී­මට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT