Home » 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් අව­සන් තර­ග­යට කොළඹ දකුණ

15න් පහළ යූත් ලීග් ක්‍රිකට් අව­සන් තර­ග­යට කොළඹ දකුණ

by Gayan Abeykoon
December 5, 2024 1:28 am 0 comment

නිරෝ­ෂාන් ප්රියං­කර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධා­නය කරන 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් මහ තර­ගයේ ස්ථාන­යක් වෙන් කර ගැනී­මට කොළඹ දකුණ ක්‍රීඩ­කයෝ ඊයේ සමත් වූහ.

මූලික වට­යේදී අප­රා­ජි­ත­යන් ලෙස ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගත් කොළඹ දකුණ පිල සිවු­වැනි ස්ථානයේ පසුවූ කොළඹ උතුර සම­ඟින් ඊයේ කොළඹ රාජ­කීය විදු­හල් ක්‍රීඩාං­ග­ණ­යේදී පළමු අව­සන් පූර්ව තර­ග­යට එක්විය. එහිදී කඩු­ල්ලක තියුණු ජයක් ලබා ගැනී­මට කොළඹ දකුණ පිලට හැකි­විය.

මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් කොළඹ උතුර පිල ඕවර 49.1කදී ලකුණු 179කට දැවී ගිය අතර, එම ඉල­ක්කය හඹා ගිය කොළඹ දකුණ ක්‍රීඩ­කයෝ කඩු­ල්ලක් ඉති­රිව තිබි­යදී ජය තහ­වුරු කර ගත්තේ ඕවර 49.1කදීය.

මෙතුක ගුණ­ති­ලක ලකුණු 45ක්, දුෂෙන් උඩ­වෙල ලකුණු 30ක් රැස් කර­මින් කොළඹ දකුණ පිල ජය­ග්‍රාහී මාව­තට රැගෙන ගිය අතර, මහිරු කොඩි­තු­වක්කු නොදැවී ලකුණු 22ක් රැස් කර­මින් කණ්ඩා­යමේ ජය තහ­වුරු කළේය. පන්දු යැවී­මේදී අබ්දුල් රහු­මාන්, මොවිඳු සෙනාල්, ශනුක ජය­ව­ර්ධන සහ ශම්මා ජොන­තන් කඩුලු 2 බැගින් දවා­ගත්හ. පළ­මුව පන්දු­වට පහර දුන් කොළඹ උතුර ඉනි­මේදී ලකුණු 37ක් රැස් කළ ශෂිඳු සිල්වා ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා විය. කවිත් ද සිල්වා ලකුණු 36ක් සහ හිමිර කුඩා­ගම ලකුණු 35ක් ඉනි­මට එක් කළහ. පන්දු යැවී­මේදී චමිත කංකා­නම්ගේ සහ තාරුක සමි­න්ජිත කඩුලු 3 බැඟින් බිඳ දැමූ අතර, මෙතුම් ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත්තේය. මේ තර­ගා­ව­ලියේ දෙවැනි අව­සන් පූර්ව තර­ගය අද (5) දඹුල්ල සහ මහ­නු­වර අතර කොළඹ තර්ස්ටන් විදු­හල් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වෙන අතර, තර­ගා­ව­ලියේ අව­සන් තර­ගය හෙට (6) තර්ස්ටන් විදු­හල් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තය.

කොළඹ උතුර – 179 (ඕවර 49.1) ශෂිඳු සිල්වා 37, කවිත් ද සිල්වා 36, හිමිර කුඩා­ගම 35 (චමිත කංකා­නම්ගේ 27/3, තාරුක සමි­න්ජිත 38/3, මෙතුම් ප්‍රනාන්දු 33/2)

කොළඹ දකුණ – 180/9 (ඕවර 49.1) මෙතුක ගුණ­ති­ලක 45, දුෂෙන් උඩ­වෙල 30, මහිරු කොඩි­තු­වක්කු නොදැවී 22 (අබ්දුල් රහු­මාන් 20/2, මොවිඳු සෙනාල් 25/2, ශනුක ජය­ව­ර්ධන 34/2, ශම්මා ජොන­තන් 39/2)

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT