ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන 15න් පහළ ශ්රී ලංකා යූත් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට කොළඹ දකුණ ක්රීඩකයෝ ඊයේ සමත් වූහ.
මූලික වටයේදී අපරාජිතයන් ලෙස ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කොළඹ දකුණ පිල සිවුවැනි ස්ථානයේ පසුවූ කොළඹ උතුර සමඟින් ඊයේ කොළඹ රාජකීය විදුහල් ක්රීඩාංගණයේදී පළමු අවසන් පූර්ව තරගයට එක්විය. එහිදී කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට කොළඹ දකුණ පිලට හැකිවිය.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුර පිල ඕවර 49.1කදී ලකුණු 179කට දැවී ගිය අතර, එම ඉලක්කය හඹා ගිය කොළඹ දකුණ ක්රීඩකයෝ කඩුල්ලක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ ඕවර 49.1කදීය.
මෙතුක ගුණතිලක ලකුණු 45ක්, දුෂෙන් උඩවෙල ලකුණු 30ක් රැස් කරමින් කොළඹ දකුණ පිල ජයග්රාහී මාවතට රැගෙන ගිය අතර, මහිරු කොඩිතුවක්කු නොදැවී ලකුණු 22ක් රැස් කරමින් කණ්ඩායමේ ජය තහවුරු කළේය. පන්දු යැවීමේදී අබ්දුල් රහුමාන්, මොවිඳු සෙනාල්, ශනුක ජයවර්ධන සහ ශම්මා ජොනතන් කඩුලු 2 බැගින් දවාගත්හ. පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුර ඉනිමේදී ලකුණු 37ක් රැස් කළ ශෂිඳු සිල්වා ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. කවිත් ද සිල්වා ලකුණු 36ක් සහ හිමිර කුඩාගම ලකුණු 35ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී චමිත කංකානම්ගේ සහ තාරුක සමින්ජිත කඩුලු 3 බැඟින් බිඳ දැමූ අතර, මෙතුම් ප්රනාන්දු කඩුලු 2ක් දවා ගත්තේය. මේ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (5) දඹුල්ල සහ මහනුවර අතර කොළඹ තර්ස්ටන් විදුහල් ක්රීඩාංගණයේදී පැවැත්වෙන අතර, තරගාවලියේ අවසන් තරගය හෙට (6) තර්ස්ටන් විදුහල් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
කොළඹ උතුර – 179 (ඕවර 49.1) ශෂිඳු සිල්වා 37, කවිත් ද සිල්වා 36, හිමිර කුඩාගම 35 (චමිත කංකානම්ගේ 27/3, තාරුක සමින්ජිත 38/3, මෙතුම් ප්රනාන්දු 33/2)
කොළඹ දකුණ – 180/9 (ඕවර 49.1) මෙතුක ගුණතිලක 45, දුෂෙන් උඩවෙල 30, මහිරු කොඩිතුවක්කු නොදැවී 22 (අබ්දුල් රහුමාන් 20/2, මොවිඳු සෙනාල් 25/2, ශනුක ජයවර්ධන 34/2, ශම්මා ජොනතන් 39/2)