Home » කොල්ලු ගබ­ඩා­වක් වටලා කිලෝ තිහේ මලු 100ක් අත්අ­ඩං­ගු­වට

කොල්ලු ගබ­ඩා­වක් වටලා කිලෝ තිහේ මලු 100ක් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
December 5, 2024 1:04 am 0 comment

ගම්පහ අති­රේක ගම්පහ දිස්ත්රික් විශේෂ - සිසිල ගුණ­ති­ලක

පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ ගම්පහ දිස්ත්‍රික් විම­ර්ශන ඒක­කය මඟින් කැල­ණිය ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන යනු ලබන ගබ­ඩා­වක තිබී ඇසු­රුම් කළ දිනය, භාවිත කළ යුතු කාල සීමාව යන කිසිදු තොර­තු­රක් නොමැති කොල්ලු කිලෝ 30ක් බැගින් වූ ඇසු­රුම් 100ක් නිල­ධා­රීන් භාර­යට ගනු ලැබූ බව පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය සඳ­හන් කරයි.

එම කොල්ලු තොග­යෙහි වටි­නා­කම රුපි­යල් ලක්ෂ 10 කට අධික බව එම අධි­කා­රිය පව­සයි.

මේ සම්බ­න්ධ­යෙන් නීති­මය පිය­වර ගැනී­මට ඉදි­රි­යේදී කට­යුතු කරනු ලබන අතර උත්සව සමය ඉලක්ක කර­ගෙන මෙවැනි භාණ්ඩ වෙළෙ­ඳ­පො­ළට නිකුත් කිරීම කට­යුතු කරන පුද්ග­ල­යන් සම්බ­න්ධ­යෙන් සැල­කි­ලි­මත් වන ලෙසත් එවැනි තොර­තුරු වෙතොත්, 1977 කෙටි දුර­ක­තන අංකය වෙත දැනුම් දෙන ලෙසත් වෙළෙඳ ප්‍රජා­ව­ගෙන් මෙන්ම පාරි­භෝ­ගික ජන­තා­ව­ගෙන් ද පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT