Home » මහා පරි­මාණ හොර මත්පැන් ස්කාගා­ර­යක් වට­ලයි කසිප්පු බැරල් අටක් සමඟ ව්‍යාපා­රි­ක­යකු කොටු

මහා පරි­මාණ හොර මත්පැන් ස්කාගා­ර­යක් වට­ලයි කසිප්පු බැරල් අටක් සමඟ ව්‍යාපා­රි­ක­යකු කොටු

by Gayan Abeykoon
December 5, 2024 1:00 am 0 comment

හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ

කාල­යක් තිස්සේ ඉතා රහ­සි­ග­තව මතු­ගම නග­රයේ කුලී නිවෙ­සක පව­ත්වා­ගෙන ගිය නීති විරෝධී මහා පරි­මාණ මත්පැන් ස්කාගා­ර­යක් වටලා කසිප්පු බැරල් අටක් සමඟ ව්‍යාපා­රි­ක­යකු අත්අ­ඩං­ගු­වට ගත් බව මතු­ගම පොලී­සිය පව­සයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට පත්වූයේ මතු­ගම, බෝපි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි 38 හැවි­රිදි පුද්ග­ල­යෙකි. ඇඟ­ලුම් ආය­තන සඳහා ප්‍රවා­හන පහ­සු­කම් සප­යන මෙම පුද්ග­ලයා වාහන කිහි­ප­යක හිමි­ක­රු­වකු වන අතර නිවෙසේ සිට කි.මී. තුනක් පමණ දුරින් ඇති මෙම නිවෙස රුපි­යල් 25,000ක මාසික කුලී පද­නම මත ලබා­ගෙන තනි­වම නාන කාම­රය තුළ මෙම ජාවා­රම සිදු­කර ඇති බව අනා­ව­ර­ණය වී තිබේ. ඇඟ­ලුම් ආය­ත­න­ව­ලට සේවක සේවි­කා­වන් ප්‍රවා­හ­නය කරන වාහන යොදා­ගෙන කළු­තර හා දුර­බැ­හැර ප්‍රදේ­ශ­ව­ලට මෙම මත්පැන් අලෙවි කර ඇති බව පොලී­සිය පව­සයි.

සැක­කරු මතු­ගම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ඉනෝකා හෙට්ටි­වත්ත මහ­ත්මිය නියෝග කර තිබේ. මතු­ගම පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පරා­ක්‍රම උඩ­වත්ත මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පොලිස් පරී­ක්ෂක උද­යංග ඇතුළු නිල­ධා­රීහු විසින් මෙම වැට­ලීම සිදු­ක­රනු ලැබූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT