Home » පාසල් දෙකක දරු­වන්ට නාය­කත්ව පුහුණු කඳ­වු­රක්

පාසල් දෙකක දරු­වන්ට නාය­කත්ව පුහුණු කඳ­වු­රක්

by Gayan Abeykoon
December 5, 2024 1:03 am 0 comment

මීග­හ­තැන්න සමූහ

අග­ල­වත්ත, ගිරි­කොළ සිරි ගුණ­ර­තන කනිෂ්ඨ විද්‍යා­ලය සහ ගිරි­කොළ ගැමුණු විද්‍යා­ලයේ සිසු සිසු­වි­යන් වෙනු­වෙන් නාය­කත්ව පුහුණු කඳ­වු­රක්, බුල­ත්සිං­හල ජාතික යොවුන් සේනාංක මූල­ස්ථා­නයේ දී පැවැ­ත්විණි. එම කඳ­වුර බුල­ත්සිං­හල යොවුන් සේනාංක මධ්‍ය­ස්ථා­නා­ධි­පති කපිල ගංගා මහතා සහ යොවුන් සේනාංක මූල­ස්ථා­නයේ නිල­ධා­රීන් පිරි­ස­කගේ සම්පත් දාය­ක­ත්ව­යෙන් පැවැ­ත්වුණු අතර ගිරි­කොළ සිරි ගුණ­ර­තන විද්‍යා­ලයේ වත්මන් විදු­හ­ල්ප­තිනි නිල්මිණී වීර­සිංහ මහ­ත්මිය සහ ගිරි­කොළ ගැමුණු විද්‍යා­ලයේ විදු­හ­ල්ප­තිනි යූ.ඩී.පී.එල්. උහ­න්ඕ­විට මහ­ත්මිය සමඟ ශිෂ්‍ය නායක සංචි­තය භාර ආචාර්ය මණ්ඩ­ලය සහ ගිරි­කොළ සිරි ගුණ­ර­තන විද්‍යා­ලයේ ශිෂ්‍ය නායක සංචි­තය භාර ආචාර්ය මණ්ඩ­ලය වන ශෂිකා වෑත්තෑව, ශ්‍යාමා රණ­සිංහ, ඩිනීෂා මධු­ෂාණි, දිලිනි කාංචනා, ඉම්ශා මරි­යම් සහ අයේෂා ජය­තුංග යන ගුරු මහත්ම මහ­ත්මීහු මෙම වැඩ­ස­ට­හන සංවි­ධා­නය කළහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT